2014/02/27

ෆේක් ෆ්ලොරෙන්තිනෝ


විද්වත්ය කියන, පරිණතය කියන සමහර මිනිස්සු, විශේෂයෙන් මේකේ ඉන්න ෆේස්බුක් කවි චරිත හිතන් ඉන්නේ උනුත් ෆ්ලොරෙන්තිනෝ අරීසාලා කියලා! හැබැයි උන්ට අමතකයි ෆ්ලොරෙන්තිනෝ කවදාවත් ෆර්මිනාගේ සහ උර්බිනෝගේ පවුල් ජීවිතය කැඩෙන ආකාරයේ ගොබ්බ වැඩක් කලේ නෑ කියලා! අන්න එතනයි ෆ්ලොරෙන්තිනෝගේ වටිනාකම තියෙන්නේ!

අහ් මට වැරදුනා! උර්බිනෝ මැරෙනකල් ෆ්ලොරෙන්තිනෝ ගෑණු හයසීයක් එක්ක අහවල් දේ කලා! ඔහු බුදියගත්තු ගෑණු 600 ඇතුලේ අනුන්ගේ ගෑණුත් හිටියා! සමහර උන්ගේ පවුලුත් කැඩුනා! සමහර ගෑණු, තමන්ගේ මිනිහා අතින් මැරුම් කෑවා! ෆ්ලොරෙන්තිනෝව ආරෝපණය කරගන්න උත්සහ කරන මේ හිස් පරිණත මිනිස්සු කරන්නෙත් ඒ පාර්ට් එක වෙන්න ඇති! තමන්ගේ අහිමි ප්‍රේමයේ වේදනාව, අනුන්ගේ ගෑණියෙකුගෙන් හරි වහගන්න උත්සහ කරන එක! හැබැයි, ෆ්ලොරෙන්තිනෝ වෙන කෙනෙක්ව කසාද බැන්දේ නෑ! ඔහුට දරුවෝ හිටියෙත් නෑ! හැබැයි මේ පරිණත ෆේස්බුක් කලාකාරයෝ බැඳලා දරුවොත් ඉන්න උන්!

ඔවුන්ගේ කවි වල තියෙන ගැඹුරු බව, පරිණත බව, ඇයි ඔවුන්ගේ ජීවිත වල නැත්තේ? එයින් පෙනෙන්නේ ඒක බලෙන් තවරාගත් පරිණත බවක් කියලා ද? ඕනෑම මිනිහෙකුට හැඟුම් වලට තහනමක් නෑ තමයි! සිතුවිලි වලටත් තහනමක් නෑ! හැබැයි ඕන වල් කමක් කරගන්න ඕනි තමන්ගේ හිතේ සීමාවේ! එහෙම නැතුව ඒවා නිදහස් අදහස්ය කියලා ප්‍රකාශ කරන්න ගියොත්, අනුන්ගේ ජීවිත අවුල් කරවීමෙන් ඇතිවෙන සාපයෙන් කවදාවත් උන්ට ගැලවීමක් නෑ!

අනික් අතට, අහඹු ලෙස කිහිප දෙනෙක් කෙරෙහි හිත බැඳෙන එක සාමාන්‍ය උනත්, එක සහකාරයෙක් එක්ක විතරක් සිතුවිලිමය හෝ කායික ගණුදෙනුවක යෙදෙන්න හික්මීමක්, ශික්ෂණයක්, ස්වයං පාලනයක් නැති මිනිස්සු, ශිෂ්ඨාචාරයකට නොගැලපෙන බවයි මම පුද්ගලිකව හිතන්නේ!

කෙනෙකු ගැන හිතේ තියෙන යහපත් ආකල්පයක් අතිශයින් අයහපත් වෙන්න ගතවෙන්නේ බොහොම සුළු කාලයක්! පහුගිය දවස් ටිකේ අපේ ජීවිත වලට බලපෑම් කරපු, මේක ලියන්න හේතු වුණු මේ ෆේක් ෆ්ලොරෙන්තිනෝ ගැනත් මගේ හිතේ කලින් තිබුනේ බොහෝම වැදගත් ස්ථානයක්! ඔහුගේ නිර්මාණ හරහා ගොඩ නැඟුණු ගෞරවයක්! එහෙත්, තමන්ගේ බොළඳ බව හෝ හැඟුම් වල ස්වයං පාලනයක් නොමැති කමින් ඔහු ඒ ගෞරවය වෛරයක් බවට පත් කලා!

අදටත් ඔහුගේ වෝල් එකේ ඔහුව ඉහලින් අගය කරන පිරිස, මේ සිදුවීම ගැන දන්නේ නෑ! ඔහු කවුද කියලා මම කියන්නෙත් නෑ! මොකද, මටත් මගේ කෙලි පොඩ්ඩටත් මේ "වියපත් තුරු හිසෙන්" ලැබුණු මල කරදරය දැන් ඉවරයි කියලා මම හිතනවා! හැබැයි ඒක මට විශ්වාස නෑ! මොකද, "ආයේ මං ඔයාලා දෙන්නගේ ජීවිත වලට කරදර කරන්නෑ නදී" කියලා පොර කිහිප පාරක්ම කියපු නිසා! 

6 comments:

  1. මේකේ පොඩි අවුලක් තියෙනවා හැගීම් ගැන හා පාලනය ගැන. දෙකක් ඇන්නනං පාලනය වේවි..

    ReplyDelete
  2. කතාවනං මැනවින් වැටහුණා. ඒත් පසුබිම් කාතාවනම් හිතාගන්න අමාරුයි.

    ReplyDelete
  3. ෆ්ලොරෙන්තිනෝ ඒ මොකාද බන් ඇහුවෙත් අදමයි

    ReplyDelete
  4. මේ ෆ්ලොරෙන්තීනෝ කිවුවේ ඉතාලියේ ෆ්ලොරෙන්ස් නගරයට අයිති කියන එකේ තේරුමමද, නැත්නම් වෙනත් මොකක් හරි එකක්ද?

    ReplyDelete
  5. හෙහ් හේ!!
    ෆ්ලොරෙන්තිනෝ කියන්නේ ගාර්සියා මාකේස්ගේ "Love in the time of cholera" (කොලරා කාලේ ආලේ) පොතේ ප්‍රධාන චරිතය!!
    :)
    පොත කියවන්න වෙලාව නැතිනම් ෆිල්ම් එක හරි හොයන් බලන්න! :D

    ReplyDelete
  6. කොලරා කාලේ ආලේ පොතේ එක තැනක තියෙනවා නේද මෙහෙම .....ෆ්ලොරෙන්තිනෝ කියනවා.

    “මගේ හදවතේ තියෙන කාමර ගණන වේස ගෙදරකවත් නැහැ”

    ගාමිණි වියන්ගොඩගේ පරිවර්තනයක් බව මතකයි.

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!