දැක ඇති ද සුමිතුර
කාලයේ පැහැය
කාලයේ හැඩය
අල්ලා ඇති ද සුමිතුර
කාලයේ දිග පළල
කාලයේ බර, ගැඹුර
නොවේ සැබෑ ලොව කිසිවිට
අතීතය වර්තමානය හෝ
අනාගතය
හඬන හිනැහෙන
සෙලවෙන මතක
විඳින විඳවන
හැඟුමන් සමඟ
රැයේ නොනිදන
පැතුමන් වලට
තනි නමක්
දී තිබේ කාලය
සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 අගෝස්තු 23
Painting - Salvador Dali

අපිට අයිති නැති දේත් කාලයම තමයි..
ReplyDelete