2015/03/31

කැස්ස සහ වැස්ස


හදිසියෙම උගුරෙ හිරවන
පැරණි පෙම් පුවතක
සිහින් බූවකට වැළදෙන
සියක් ගව් දුරකට ඇසෙන
කැස්ස ඇය

තනිව ප්‍රතිශක්තිය හැදුමට
බෙහෙත් ගන්නැති මට
උදව්වක් වෙන්නට
හැලෙන ප්‍රතිජීවක වත්කොට
වැස්ස මැය

______________________________
සහන් පද්මසංඛ පීරිස්​ | THЕ SAHAN​ 
2015 මාර්තු 31

3 comments:

  1. සුපිරි කියන්නෙ නියමයි සහන්
    ජයවේවා!

    ReplyDelete
  2. වාසනාවකට වගේ ප්‍රතිජීවක එක්ක වැස්සක් වැටෙන්නේ..

    ගති බං..

    ReplyDelete
  3. අඩෝ...බෙහෙත් ගන්ඩ යන සල්ලි ඉතුරුයි....

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!