2014/01/28

ඇරයුමක්

ගොලු වුණි ද
සැඟවුණි ද
විසිරුණු කාලයේ
අරුම පුදුම මතක

විකසිත ද
මුකුලිත ද
සිතුවිලි ප්‍රේමයේ
සැදුන සිහින මලෙක

චන්ද්‍රාලෝකයට යටින්
නිද්‍රා ලෝකයට හොරෙන්
අපි අපිම වී
යලි හමුවන්න

එක රාත්‍රියක
එක හීනයක
ඇබිති ඉඩකඩක්
වෙන් කරගන්න

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජනවාරි 28

3 comments:

  1. මට වෙලාවකට හිතෙනවා බොලා දෙන්න එකෙක්මද කියලත්..

    http://sankalpana-kurulu.blogspot.com/2014/01/blog-post_27.html

    ReplyDelete
  2. නෑනේ දේශක තුමා කුරුලුව මූණු පොතෙත් මට හම්බෙනව ඌත් ටිකක් මේ වගේ නං තමා

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!