2015/02/03

මෙරිගො රවුම










අප දෙදෙනා දිගින් දිගට
නතර නොකර සිටි පැද පැද
අඳුරු පාට මෙරිගො රවුම
යලිත් නොපැද ඉන්නයි මම
විකිණූයේ පරණ යකඩ
එකතු කරන මහල්ලෙකුට
ගලවාගෙන අරන් ගොසින්
ගොඩ ගහලා තියාගන්න

නුඹට ඕනි නම් විගහට
ඔහුගෙන් එය ඉල්ල ගන්න
ඉල්ලාගෙන අරන් ගොසින්
සවි කරලා තියාගන්න
හැබැයි මෙමට හඬ නොගසා
තනියම එහි ඉඳං ඉන්න
පාලුම නං හිත මිතුරෙක්
අඬගහගෙන පැදන් යන්න
සහන් පද්මසංඛ පීරිස්
THE SAHAN
2015 පෙබරවාරි 03

2 comments:

  1. අනේ මන්දා ඉතින්.. මොන උනත් කවිය එල..

    ReplyDelete
    Replies
    1. හී හී!! තැන්කිව් වේවා!! ^_^

      Delete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!