ගන්න ප්‍රේමයෙ පාට?
දෙන්න ප්‍රේමයේ ඇති
හරි පාට?
මොහොතකට
විමසන්ට
ආදරේ දැණුන විට
හුරතලෙන් ලං වෙනා
උණුහුමැති හොම්බෙ ඇති
කලු පාට
හිත සතුට වැඩිකමට
උල් දතක් පෙන්නලා
හුරතලෙන් හිනැහෙනා
හැම රෑට
සොවක් දැණුනොත් ඊට
හොඳින් සරිලන මූණ
මවාගෙන ඉකිලනා
දුක පාට
වැඩත් කරනා විටෙක
නැහැදිච්ච
එහෙත් කොයි වෙලෙත් පෙම
තැවරිච්ච
නරියෙකුට පුලුවන් ද
ගන්න ප්‍රේමයෙ පාට?
දෙන්න ප්‍රේමයේ ඇති
හරි පාට?
ඔව් හැකිය
ඒ තමයි බිස්කට්ගෙ
දඟ පාට
සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2015 පෙබරවාරි 15
මූණු පොතට යන්න විදිහක් නැහැ.......
ReplyDeleteමරු හොඳේ ...... පට්ට
ReplyDeleteහිහි බිසිකොට් වුණත් මරු ඈ...
ReplyDeleteමට නං තාම ඩිස්පිකබල් මී ඇග්නස් ගෙන් එහා කෙනෙක් නැ හිහි
:D
ReplyDelete