2015/02/04

උත්ථානය


වසා හිඳ සුරඟනක සුර දෙපා මත මුතූ
වසා සිටි සුර පයකටම පෑගිලා, පැතූ
වවුල් තෙම මිය ගියා සියක් පෙම් කවි ගෙතූ

සොබාදම පවා ඒ මරණයට සසැලුනා
වවුල් තෙම මරණයට නොකැප බව මිමිණුනා
මැවූ නිල් තරු රැසින් වවුල් බව ගිලිහුණා
පෙමින් සැදි බළල් හද උත්ථාන කරවුණා
සහන් පද්මසංඛ පීරිස්​
( THЕ SAHAN​ )
2015 පෙබරවාරි 04

4 comments:

  1. වාව්.........................

    ReplyDelete
  2. මරු.. මට ඒ ඇරෙන්න වෙන කියන්න දෙයක් ඔළුවට ආවේ නෑ..

    ReplyDelete
  3. මිනිත්තුවකට සීමාවීමට තිබූ ප්‍රේමයක් උත්ථානය තුලින් හෝ වසර ගණනකට දික් කිරීම අගනේය. නමුත්...
    නමුත්, ඔබ ඊට පෙර වවුල් පැටියාගේ දෘෂ්ඨි කෝණයෙන් සිතා බැලුවාද? පාඨකයාට (ප්‍රබලම පාඨකයා ඔබ වන්නට ඇත. ඔබට ප්‍රේමය ජයගත් අවසානයක් අවශ්‍යය වන්නට ඇත.) සතුටුදායක අවසානයක් දීම වෙනුවෙන් වවුල් පැටියාගේ හැඟීම නොසලකා හැරීම සුදුසු නැත. වවුල් පැටියාගේ ජීවිතයේ එකම පැතුම ඒ විනාඩිය පමණක් නම්.... වවුල් පැටියාට කාලයේ ඇවෑමේ මිලින වන ප්‍රේමයකට වඩා පරිපූර්ණ වූ ප්‍රේමයෙන් පිරි මිනිත්තුවක් වටිනවානම්...

    -රාත්‍රී කාලයේ මගේ කවුලුව අසල ගී ගැයූ වවුල් පැටියාගේ ගී හඬ නැතිව පාළුවෙන් සිටින, මා...

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!