පෙර බොහෝ සිඟන්නියන් පැමිණ
අවුස්සා ගිය
ඇවිස්සී ඇති
කුණු ගොඩකි මෙය..
ඔවුනට අවැසි දෑ රැගෙන
අනැවසි දෑ නොගෙන
ඔවුන් ලඟ වූ
කුණු ද විසි කර
අවුස්සා ගිය
ඇවිස්සී ඇති
කුණු ගොඩකි මෙය..
අයෙකුට දැකිය හැකි වුව
කිසිවෙකු නොදුටු තව
නේක වර්ණැති
රටා සපිරුණ
අවුස්සා ගිය
ඇවිස්සී ඇති
කුණු ගොඩකි මෙය..
බලන් මසොඳුර
හොඳින් ලංවී
ඒ රටාවන්
නුඹට හෝ පෙනේවි ද?
දුටුවහොත් අහම්බෙක වත් නුඹ
තව තවත් අවුස්සා බලනු මැන!
නුඹ වශී වන
නුඹට නොපෙණුන
විශ්මයැති වර්ණයෙන් නිමැවුණ
රටාවන් පිරි
අවුස්සා ගිය
ඇවිස්සී ඇති
කුණු ගොඩකි මෙය..
___________________________
සහන් පද්මසංඛ පීරිස් | THЕ SAHAN
2015 පෙබරවාරි 21
Agei sahoo obage sithuwili Nam.. Obata Jaya...
ReplyDeleteස්තූතියි බොහොම!
Delete