2015/02/02

මල් යායකි - නුඹේ හිත ඇතුලැති










දනිමි, මල් යායකි
නුඹේ හිත ඇතුලැති..

කාෂ්ඨක නියඟයට
මැලවුවත් මැරුන්නැති..
ගැලූ ගං වතුරට ද
යට වුවත් තැලුන්නැති..

සුපිපි මල් යායකි
නුඹේ හිත ඇතුලැති..

සිරි අසිරි බැලුමට ද
රැකබලා ගැනුමට ද
මල් හිතට ඉහලතින්
අහස වී හිඳිනෙමි..

නැවත යට නොවන්නට
ගං වතුර නොඑන්නට
නමුදු මල් දරන්නට
වැසි ද වී හැලෙනෙමි..

සුවඳ මල් යායකි
නුඹේ හිත ඇතුලැති..

අන් බිඟුන් එලවාපු
කෙම් කවක් මුමුණාපු
පෙම් පඳුරු දළුලාපු
මටම හැඩ පෙන්නාපු

අරුම මල් යායකි
නුඹේ හිත ඇතුලැති..

සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2015 පෙබරවාරි 02

4 comments:

  1. හැබැයි ඉතින් හිත ඇතුලට එබෙනකන් ඔය මල් උයන ගැන දැන ගන්න නම් ලැබෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. එබී ඉන් නොනැවතී උයන තුල සැරිසැරූ අවසන ලීවෙමි! :D

      Delete
  2. හිත අැතුළට ඒබෙන්න වගේ සැලසුම

    ReplyDelete
  3. එබී ඉන් නොනැවතී උයන තුල සැරිසැරූ අවසන ලීවෙමි! :D

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!