2015/02/17

ඉබේ ගලනා මහ ගගක්



ඔබ තුලත් ඇත්තේය
ඉබේ ගලනා මහ ගඟක්

ඔබේ යයි කී නමුදු
ඔබට අවනත නොමැති
ඉබේ ගලනා මහ ගඟක්

කියයි ඔබ ඔබෙ හිතවතුන් හට
මෙසේ බර ස්වරයකින් උඩඟුව
"දිරිය ගෙන උත්සහය ගෙන නෙක
කුසල කර අකුසලෙන් වැලකුන
දුටූවෙද මා හැරවු විස්කම
ඉබේ ගලනා මහ ගඟක්"

ඔබ එසේ මතුරාවි
හමුවනා හැමෙකෙකුට
නමුදු ගඟ හරවන්න
කෙදින හෝ බැහැ ඔබට

විටෙක සරු වනබිමක
තව විටෙක මුඩුබිමක
නුඹව රවටා ගලන
ගඟෙහි නියමුනාණන්
ගඟම බව දැනගන්න

කිම ද එය
ඔබේ යයි කී නමුදු
ඔබට අවනත නොමැති
ඉබේ ගලනා මහ ගඟක්
සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)​
2015 පෙබරවාරි 17

4 comments:

  1. හ්ම් හිතන්න ඕන කතාවක්
    අපූරු කවිය..
    ජයවේවා

    ReplyDelete
  2. හිත ගැන නේද කියන්නේ

    ReplyDelete
    Replies
    1. :) එහෙම හිතුවත් අවුලක් නෑ ඉතිං! :)

      Delete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!