2015/02/27

කට්ටාගේ සුවිසැරිය




ඇය සළු අඳින වේලේ කට මත සිටිමී
උදයෙම සැමට කලියෙන් ඇගෙ මුව සිඹිමී
කිසිවකු නොදුටු තැන් ඇගෙ දැක සසල වෙමී
දවසම දෙතන පහසට තුරුළුව නිදමී

දෙතනක සුවය විඳ විඳ සිටි මගේ සුර
සිහිනය බොඳකලා ඇය වී මවක තර
තනයෙන් ගලවලා බිළිඳුන් අඳින අර
ඇඳුමට ඇමිනුවා මා තෙමමින් නිතර

බිළිඳුගෙ පස්ස පැත්තට යට වී සිටිය
කාලය නිම උනා ගඳ ඉවසං බැරිය
පසුදා ගෙදර සැමියට අවනත වුණි ය
සිප් එක කැඩුණ කලිසමකට ඇමිනුණි ය

ඇමිණුනු වෙලේ සිට පැයකට දෙතුන් වරේ
වැසිකිලියට දුවයි මේකා සැරින් සැරේ
ගලවයි නමයි මට වද දී චූත් කරේ
මූටයි සීනි මූ එක්කම මාත් මැරේ

හවසත් බුවා යලි වැසිකිලියට ඇදුණා
ඒ බව දැනී මම හිමිහිට කෙලින් වුණා
එලියට ගන්න යද්දිම අරකේ ඇණුනා
රිදුණා ඌට මට පවු කියලත් හිතුණා

රෑ බෝ වුණා - නිවසේ විදුලිය නිවලා
"කටුවක් ඇණුනි අද බෑ ගෑණියෙ" කියලා
සැමියා ඇයට කී කට හඬ මට ඇහිලා
හිනැහුණු සැරට දන්නෙම නෑ මං වැටිලා

වැටුන තැනින් යලි මා අහුලා ගත්තේ
ලොකුම දුවයි ටයි පටියට ගහගත්තේ
ඇගෙ හුරුබුහුටි දෙතනට තද කර ගත්තේ
මවගේ ලැමට වැඩියෙන් මගෙ හිත ගත්තේ

උදයෙම අමුනගෙන පාසැල වෙත යන්නී
ඇගෙ යෙහෙලියන් හා කෙලියට යොමුවන්නී
ඒ අතරේ වරෙක වලියට බර වන්නී
දෙකකට නොවේ හතරකටම හිරවන්නී

දවසක් මොකද්දෝ වැඩකට මා ගලවා
ඩෙස් එක උඩින් අමතක කොට මා තැබුවා
තව කෙල්ලක පැමිණ මා අතමිට මොලවා
ඇගෙ නිවසට ගියා අරගෙන මා ඔසවා

ඇගෙ කාමරයෙ කොනකට කර මා ගැසුවා
කිරි සුදු සිරුර අඟලක හැර මා දුටුවා
පසුදින උදෑසන මගෙ කන කිති කැව්වා
ඇගෙ යට සායෙ බුරුලක ගැන ඈ දෙඩුවා

දැන් දැන් මගේ හොඳ කල එනු පෙනෙන්නේ
ඇගෙ මුදු ඇඟිලි මා සියොලඟ වෙලෙන්නේ
සියුමැලි අතින් යට සායේ ගසන්නේ
එහි ඇමිනිලා මුදු බඳ මා ඉඹින්නේ

සුවඳට ඇගේ මගෙ හද ඉවසුම් නැතුවා
යකඩින් කලත් මගෙ කටු හිත උණු කෙරුවා
දවසම ඇගේ පහසට මා මත් කෙරුවා
සතුටින් ඇගේ දහඩිය රසයත් බැලුවා
_____________________________
සහන් පද්මසංඛ පීරිස්​ | THЕ SAHAN​
2015 පෙබරවාරි 26

18 comments:

  1. පටිට කවිය ඇ

    ReplyDelete
  2. හලී වල් මෙයා....
    හිහි
    පට්ටයි සහන් අය්යෙ පට්ටම පට්ටයි...

    ReplyDelete
  3. මහ වල් කට්ටක් නේ..

    ReplyDelete
  4. පින් ඇති කට්ටෙක්

    ReplyDelete
  5. නියමයි,, මුලින් පළවෙනි පාර කියවද්දී තේරුණේ නෑ, ආයේ යට ඉදන් උඩට කියවන යද්දී තේරුණේ, මේ කට්ටක් නේ කියලා :) හි හි

    ReplyDelete
  6. ඕන්... "කට්ටේ සොමිය" කියලා සින්ඩියේ එල්ලුවා... බස්සි තමයි ඔත්තුව දුන්නේ..

    ReplyDelete
    Replies
    1. මේ මොට්ට කට්ටා වෙත ලබාදුන් පට්ට පබ්ලිසිටියට තැන්කූ මාතලන්!

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇයි උබ school යනකොට බන තැලුවේ නැද්ද ? දැන් දැක්කත් අහක බලාගෙනද යන්නේ ? නිකන් සුදනා වෙන්න එපා බන්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  8. කට්ටට ඇති පින අපිට නැතිදෝ

    ReplyDelete
  9. සහනාගේ කල් වට්ටා... :P

    ReplyDelete
  10. ඇඩෙනවා.......පට්ට

    ReplyDelete
  11. iridha dhinaka ae maa samagin hanika
    godawee kaduwela desata yana bus ekaka
    hamuwee kollek namakin padhmasanka
    thaniwiya maalabe room ekaka

    kollata harima hadhisiyi duwamin kaamareta
    adagena kirisappa kella hanikata U langata
    ussaa aege gawuma maa galawaagena athata
    nodhakin haaranawa uge kunu kana hari saepata

    ReplyDelete
  12. ane manda mona kiyannada kiyala...... :P

    ReplyDelete
  13. අඩේ සුපිරි බං....එල...

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!