2015/02/25

පැතුම



ඔබේ උණුසුම් සොඳුරු හදවත
මගේ නම කිය කියා පෙර දින
ගැහි ගැහී හිනැහුනා මතකයි
දිනය එන තුරු මගෙන් වෙන් වුණ

සිදුරු කල හැකි වුණොත් එකවර
මහත් වූ සැනසුම් දේවි එය මට
ගැස්ම නිම වන මිනිත්තුව අග
වැරෙන් සිපගෙන නුඹේ දෙතොලග

ඔව් ඉතින් ඔබ සිතයි හනිකට
මගේ හිත තුළ වෛරයක් ගැන
ඒ වුණත් ඒ පැතුම හැම විට
අසමසම වුණ ප්‍රේමයක් ගැන
_____________________________
සහන් පද්මසංඛ පීරිස්​ | THЕ SAHAN​
2015 පෙබරවාරි 22

4 comments:

  1. ,වැරෙන් සිපගෙන නුඹේ දෙතොලග,
    ලස්සනයි
    ජය!

    ReplyDelete
  2. එක පාර සිදුරු කරනවා කෝම වෙතත් පොඩ්ඩ පොඩ්ඩ සිදුරු කරන එකනේ දරාගන්න බැරි..

    ReplyDelete
  3. අපූරුයි
    හැබැයි ටිකක් අප්සට් කවියක්
    දුකයි

    ReplyDelete
  4. සුපිරියි................

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!