2015/02/22

ප්‍රේමයෙන් බේරූ හදක්



ප්‍රේමයක් සිරව නතරවුන
හදවතක් ගෙනියන්න විගහට
ඉස්පිරිතාල හිතකට!

ඡේදනය කර බලා විනිවිද
සිරව ඇති ප්‍රේමයේ යගුලිය
හොයාගෙන එය ගන්න එලියට!

අහම්බෙන් වත්
හැකි වුවොත් ඔබ හට
නැවත එහි ගැස්මක් මවන්නට,

සුවවනාතුරු පරිස්සම් කර
යලිත් විසිකරලන්න ලෝකෙට!

ප්‍රේමයක් සිරව නතරවුන
හදවතක් බේරගත් විට
නැවත ඖෂධ අවශ්‍යම නැත!
පළල් වුන ඒ නහර ඇතුලත
නැවත ප්‍රේමයක් කිසිදාක
සිර වන්නේ ද නැත!
__________________________
සහන් පද්මසංඛ පීරිස්​ | THЕ SAHAN​
2015 පෙබරවාරි 21

1 comment:

  1. ඔය තියෙන්නේ ලියලා දාලා ඇත්තම ඇත්ත..

    වචන ටික බොහොම අගෙයි..

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!